‘තිස්ස මහත්තයෝ, මේ ඉන්නේ අපේ වැඩේට හරි යන කෙල්ලයි. ‘ 1967 අවසාන භාගයේ දිනක අකල් වැස්ස නාට්‍ය නැරඹූ ජෝ අබේවික්‍රම මහතා විසින් පුංචි බබා සිනමා පටය නිපැයූ තිස්ස ලියනසුරිය මහතාට එසේ කිවේලූ. එදා දුටු ඒ තරුණ කෙල්ල පුංචි බබා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයකට පණ පෙවීමට තෝරා ගත්තේය.
අකල් වැස්ස වේදිකා නාට්‍යයේ හොඳම නිළිය ලෙස තේරී පත්වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නිළිය ප්‍රථම වරට රඟපෑවේ පුංචි බබා චිත්‍රපටයේය.
සුගතදාස මාරසිංහ මහතා නිශ්පාදකයාය. තිස්ස ලියනසූරිය මහතාගේ නිර්මාණයකි.ජෝ අබේවික්‍රම , මාලනී ෆොන්සේකා හා අනුලා කරුනාතිලක ප්‍රධාන චරිත වලට පණ පෙවුහ. පුංචි බබා 1968 පෙබරවාරි 26 වැනිදා ශ්‍රී ලංකා රිදී තීරයේ තිරගත වුයේය. වර්තමාන › ලංකාවේ සිනමා අග රැඡින විරුදාවලියෙන් සැලකුම් ලබන පනස් වසරක වේදිකාව හා සිනමා දිවියක මග ගෙවූ මාලනී ෆොන්සේකා රිදී තීරයට පිවිසියේ එසේය.
එදා සිට අද දක්වා දෙස් විදෙස් සිනමා කෘති 150ක පමණ ප්‍රධාන චරිත රඟපා පසු කාලීනව අධ්‍යක්ෂකවරියක, නිශ්පාදකවරියක ලෙස ලංකා සිනමා ක්ෂේත්‍රයට ඇය කළ දායකත්වය කිසි විටෙකත් මිල කළ නොහැකිය. එදා ආරම්භ කළ සිනමා දිවියේ මේ දක්වා ඇගේ රඟපෑම් දුටු සිනමා ලෝලියෝ සතුටු කඳූළු සැළුවෝය. සමහරෙක් ඇඩුවෝය. සමහරු දුක් වූවෝය. සමහරු පුදුම වූවෝය.
නිධානය, වැලිකතර, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ආකාස කුසුම්, ස්ත්‍රී , යන සිනමා කෘතිවල ඇගේ ප්‍රතිභාපූර්ණ රඟපෑම් වලින් ඔපවත් කර ඇත්තේය. ඇගේ රඟපෑම් ඒ තරමටම උසස්ය . විශිෂ්ටය . එම දක්ෂතාවයන්ට ඇය ලැබූ සම්මාන ගොන්නෙන් ඇගේ විසිත්ත කාමරය පිරී ඉතිරී ඇත්තේය.
සරසවි සම්මාන. කලා ශ්‍රී සම්මාන, විශ්ව ප්‍රසාදනී සම්මාන, රිදී මොනරා සම්මානය ආදි සම්මාන රැසක් හිමි කරගත් ඇය 2012 දි හා 2013 දි අනුපිළිවෙළින් ඉන්දියාවේ ජාත්‍යයන්තර සිනමා උළෙලෙ හා ඔස්ට්‍රේලියාවේ ආසියා පැසිපික් ජාත්‍යයන්තර සිනමා උළෙලේ විශේෂ ජූරියේ සමාඡිකාවක ලෙසද ඇය කටයුතු කළාය
පසුගිය මාර්තු 05 වැනිදා ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ ධෝවිල් 16 වැනි අන්තර් ජාතික ආසියා සිනමා උළෙලෙ ආරම්භ වුයේ ඇයගේ පනස් වසරක කලා දිවියට විශේෂ උපහාරයක් පුදමිනි.
මින් පෙර මෙම උළෙලේ උපහාර ලැබූවන් අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් අයත් වෙති. එය 2001 දී සිදුවුයේය.මෙවර උළෙල සදහා ඉරානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, දකුණු කොරියාව, චීනය, කසකස්ථානයේ සිනමා කෘති ඉදිරිපත් කර තිබුණේය.
උළෙල ආරම්භ කරමින් ධෝවිල් නගරයේ නගර සභාපති පිලිප් ඔඡියේ හා සිනමා උළෙලේ සභාපති ලයනල් ෂූසොන් දේශන පැවැත්වුහ. එහිදී සිනමා නිළි මාලනී පොන්සේකා විශේෂ ඇගයීමකට ලක් විය.
අත් පොලසන් හඩ මැද්දේ වේදිකාවට පැමිණි මාලනී පොන්සේකා මහත්මිය තම ආදරය මෑණියන් හා ඇගේ කලා දිවියට අත දුන් සියළුදෙනා සිහිපත් කරමින් විශේෂ දේශනයක් කළේය.
අනතුරුව ඇයට උපහාර දක්වමින් තිලිණි ප්‍රදානය සිදු විය. ඒ වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය, ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත්, හා ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම් යන චිත්‍රපටි උළෙල පවත්වන දින පහ ඇතුළත තිරගත වන්නේය. උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ප්‍රංශයේ ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත හා ඔහුගේ බිරිය සහාභාගි වුහ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
No comments:
Post a Comment