Sunday, 11 May 2014

ලූෂන් බුලත්සිංහල

                               

ලූෂන් බුලත්සිංහල ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කවියෙකු, රංගන ශිල්පියෙකු, රචකයෙකු සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු වෙයි. 1981 වසරේදී ඔහු විසින් රචනා කල තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය කා අතරත් අවධානයට සහ ඇගයීමට ලක්විය. ඔහු ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ වැඩසටහන් සම්පාදනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයක් හෙබැවූවෙක්ද වෙයි

මුල් අවධිය

ලූෂන් බුලත්සිංහල මහතා 1943 මැයි 30 වන දින, රත්මලානේදී උපත ලැබුවේය. සිය මුලික අධ්‍යාපන කටයුතු රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙනුත්, උසස් පෙළ කටයුතු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙනුත් හැදෑරූ බුලත්සිංහල මහතා, පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයන් ශාස්ත්‍රවේදී උපාධියක්ද හිමි කර ගත්තේය.

රඟබිමට පිවිසීම

1960 දී, එල්. එල්. කේ. ගුණතුංග විසින් අධ්‍යක්ෂණය කළ අශෝක මාලා නාට්‍යයේ සාලියගේ චරිතයට පණ පොවමින්, ලූෂන් මහතා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූවේය.

නිර්මාණ


 
                              

                                                              තාරාවෝ ඉගිලෙති

                                
                                                                                     රතුහැට්ටකාරී

සිංහල ගීත

ගීතය
රජ මැදුරක ඉපදී සිටියානම්
දම් පාටින් ලා සඳ
සිරියහනේ ලණු ඉහිරී
ආන් නගේ සල් අත්තේ පාංකිරිත්තා
ඔසරි පොටෙන් අදින්නෙපා
කොලොම්තොට නැත මහලු වී
කන්‍යාවී
දෙතොල නොකී දේ

පුංචි තිරයේදී

වසරටෙලි නාට්‍යය
නටු නැති මල්
1987තාරා දේවි (අධ්‍යක්ෂණය)

රිදී තිරයේ රංගනයන්

වසරචිත්‍රපටය[2]
2014හෝ ගාන පොකුණ (විදුහල්පති ලෙස)[3]
2008අබා (අභය ලෙස)
1984කිරි කවඩි
1982සිටු දියණිය
1981ආරාධනා
1980හංස විලක්
1980දඬු මොණරා
1979චූඩා මාණික්‍යය
1979හත් දින්නත් තරු
1970වෙස් ගත්තෝ
1967සැඩොල් කඳුළු

වේදිකා නාට්‍ය

වසරනාට්‍යය
1981තාරාවෝ ඉගිලෙති
1974රතුහැට්ටකාරී (එම වසරේ හොඳම නාට්‍යය)
1966නොනිවෙන ගිනි
1961මන්නඩියා

ග්‍රන්ථ

වසරග්‍රන්ථය
1985පිපුණ මලේ රුව
2000ඛේමදාස න්‍යාය භාවිතය සහ අරගලය
2004සිහින ඔපෙරා දෙකක්
2004තාරාවෝ ඉගිලෙති (නාට්‍යය)
                                                                                                   

ආචාර්ය හෙන්රි ජයසේන


හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදක‍යෙක් ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි. කලා ‍ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙක් හා නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙසය. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රි ජයසේන ය.
1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය. පියා බස්තියන් ‍කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය. ඔහු වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. නිවසේදී සිංහලඉංග්‍රීසි, හා ගණිතය අධ්‍යාපනය ලැබූ හෙන්රි, මුලින්ම පාසල් ගියේ ගම්පහ බ්‍රැන්ඩියමුල්ල රෝමානු කතෝලික පාසලට ය. ගම්පහ ලොරෙන්ස් විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ඔහු උසස් අධ්‍යාපනය ලැබීය. නාලන්දා විද්‍යාල‍යේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී, යූ.එස්. පෙරේරා (සිරි අයියා) නිෂ්පාදනය කළ හරිස්චන්ද්‍ර නාට්‍යයේ රෝහණ කුමාරයාගේ චරිතය ඔහු නිරූපනය කළේය. එය ඔහුගේ වේදිකාවට තැබූ පළමු පියවර විය.
ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු අක්ෂි ශල්‍ය වෛද්‍ය හඩ්සන් සිල්වාකරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්යහරිශ්චන්ද්‍ර විජයතුංග, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, වෛද්‍ය ගුණදාස අමරසේකර ජයසේනයන්ගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය.
හෙන්රි‍ගේ මුල්ම පත්වීම වූයේ තාවකාලික ලිපිකරුවෙකු ලෙස කොළඔ කොටුව රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ ලද පත්වීමයි. ඉන්පසු ඔහු පදියපැළැල්ල දෙහිපෙ ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි උප ගුරුවරයෙකු ලෙස ලද පත්වීම් ලැබීය. 1951 දියතලාව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට බැඳුනු ඔහු, දිගු කාලයක් සේවය කළේ එහිය. 1962 දී නාට්‍ය ශිල්පිනියක වන මානෙල් ජයසේන හා විවාහ වූ හෙන්රි, එක් දරු පියෙකි. සෞම්‍ය සුධාරක ජයසේන ඔහුගේ එකම පුතුය.
කුඩා හෙන්රි ජයසේන ඇතිදැඩි වුයේ මව් සෙනෙහස තුළ නොව කුඩම්මාගේ සෙනෙහස යටතේය හෙන්රි කුඩා කල ඔහුගේ පවුලේ උදව්යත් ගමේ උදව්යත් ගමේ යහලුවන් ඔහුව හැදින් වුයේ චන්ද්‍රසේම යන නම්නි
ඵතුමා කුඩා කල සිටම වේදිකාව පිළිබද සිහින මවම්න් ප්‍ර්‍වත් වු අයෙකි.ඵනම් ගම්පහ පාසැලට යම්න් අධ්‍යාපනය හදාරද්දීම ඔහු වේදිකාවට ඩැඩිව ඇළුම් කලේය ව්ශේෂයෙන් ම මේ සදහා අනුබල දෙම්න් ඔහුව ඒ දෙසට නැඹුරු කර ලද්දේ ඵරික් නම් ඥාති සොහොයුරකු ව්සිනි මේ අතැරින්සිදු වු සුව්ශේෂි සිදුව්ම වන්නේ බී ඵ් ජයමාන්නගේ මීගමුවේ ම්නර්වා කණ්ඩායම රුක්මණී දේව්ය ප්‍රමුඛකරගනිම්න්සැගවුණුපිළිතුරනම්න්වේදිකා නාට්‍යක් රඟ දැක්ව්මයි ඒදෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේය ළමා කල උන් හෙන්රි රුක්මණී දේව්ය දැක තම ජීවිතයේ සිහින අතරට වේදිකා සිහිනය ද ඵක්කර ගත්තේය
ඵහෙත් ඔහු තුළ මේ නාට්‍ය සදහා වන ඇල්ම පිළිබද ඔහුගේපවුලේ අයට මහත් බිය ගෙන දෙන්නක් විය ඵම අනියත බිය හේතු කොට ගෙන තම සොහොයුරකු වන නිශ්ශංක අයියාගේ මග පෙන්ව්ම යටතේ ගුවන් විදුලියට ඵක් විමට සිදු විය. ඵහිදි ඔහු ගුවන් විදුලියේ රෙඩියෝ සිලෝන් හි සිරි අයියා ගේ ළමා තීරයට ඵක් විය. ‍මේ ගුවන් විදුලි වැඩසටහන ඔහුව කොළඹ විද්‍යලයකට ඇතුලත් කිරීමට ද හේතු ව්ය. ඵ් කෙසේ වුවද මෙම ගුවන් විදුලිය වැඩසටහන පසුකාලිනව ඔහුගේ වේදිකා රංගනයේදි Stage Fright හෙවත් වේදිකා භීතිය නැති කිරීමට සමත් වු බව වරෙක ඔහු ව්සින්ම පවසා තිබේ
මෙතුමාගේ ජීව්තයේ තවත්වැදගත්ම සංසිද්දියක් වන්නේ 1945 න් පසු කොළඹ නාලන්දා වේදි ඔහු ප්‍රථම වරට වේදිකා නාට්‍යකට රංගනයෙන් දායක ව්මයි ඵ් ඉන්දියානු දේව කතාවල සත්‍යවාදි හරිෂ් තුලින්බ්හිවු හරිෂ්චන්දු නම් නාටකයේ පුංච් රෝහිත කුමරා ගේචරිතයට පණ පෙව්මයි ඵහිදි මෙතුමා ප්‍රථම වරට තම ජීව්තයේ දී ගුණපාල මලලසේකර මැතිතුමන් ගේ ආශිර්වාදයට පත්ව්ය පසු කාලීනව ඔහු නියත වේදිකාවට පැම්ණිමට මෙම සිදුව්ම බොහෝ සේ ඉවහල් ව්ය
අ.පො.ස උ/පෙළ නිමවා ඵහි ප්‍රතිඵල ඵනතුරු හෙන්රි ජයසේනයන් කොළඹ රෙජිස්ත්‍රාල් කාර්යාලයේ තාවකාලික ලිපිකරුවකු ලෙස වැඩ කරන ලදී අනතුරුව ඵම උසස් පෙල ව්භාග ප්‍රතිපල මත ඔහු අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේඉංග්‍රිසි උපගුරු මුල්පත් ව්ම භාරගන්නා ලදී. ඵ් අනුව 1950 දී සිංහල ප්‍රාථම්ක පාසලේ ඉංග්‍රිසි උපගුරු තනතුරට පත් වී පදියැල්ලට යන ලදී ඵහිදී ඵම පාසලේ දුප්පත් ළමුන්ගේ අඩු ලුහුඩුකම් දැක ඵ් දරුවන් ගේ දුප්පත්කම පරදා අධ්‍යාපන නගා සිටු ව්මට ව්ශාල මෙහෙවරක් කරන ලදී මේ සදහා ඔහු ප්‍රථම වරට ඵම දුප්පත් පාසලේ දී තම කළා දිව්යේ මංගල සමරුව තබන ලදී. එනම් නාට්‍යක් පිටපත් කර රඟ දක්වා අධාර එකතු කර ගැනිමයි ඵ් සදහා ඔහු ව්සින් තෝරා ගනු ලැබුවේ රාමායනයේ පරිඡෙදයකි. එය ජනකී නම් ව්ය එම නාට්‍ය තුලින් උපයාගත් මුදලින් දුප්පත් දරුවන්ට පොත් පත් ලබා දුනි මෙලෙස කාගේත් සිත් දිනා ගනිම්න් එම පාසලේ වැඩකටයුතු කරගෙන ගියත් ඔහුට එම පාසැලෙන් සමුගැනීමට සිදු ව්යනිශ්ශංක අයියා ගේ දැනුම් දිම මත 1951 දී පාසැල් ගුරුකමට සමුදී ලිපිකරු සේවයට එක්ව්මට ඔහුට සිදු ව්ය. සිත යටින් ගුරු ජීව්තයට ආදරය කරම්න් දියතලාවේ ප්‍රසිද්ධ ඉංජනේරු කාර්යාලයේ සේවයට එක්ව්ය දියතලාවේදී ඔහුගේ ජීව්තයට රසබර අත්දැකීමක් එක්වීය ඒඔහු එක්තරා පාසැල්යන තරුණියකට පෙම් කිරීමයි එහෙත් එය අසාර්ථක ඒකපාර්ශවීය ප්‍රේමයක් ව්ය.
මෙරට ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියකු වූ හෙන්රි ජයසේන මහතා 2009 නොවැ 12 දහවල් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ දෙවැනි වියේ පසු වූ ජයසේනයන් වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා සිය කලා කෞශල්‍ය විදහා දැක්වු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි.
                                                                                                              

නාට්‍ය නිර්මාණ[සංස්කරණය]

හෙන්රි, සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේය. 1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය. එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි. මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ

  • මනමාලයෝ - පරිවර්තන (1953)
  • වැදගත්කම - පරිවර්තන(1954),
  • ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)
  • පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959)
  • ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962)
  • කුවේණි -ස්වත්‍රන්ත්‍ර (1962)
  • තවත් උදෑසනක් - ස්වත්‍රන්ත්‍ර (1946)
  • මනරංජන වැඩවර්ජන - ස්වත්‍රන්ත්‍ර (1965)
  • අහස් මාළිගා - පරිවර්තන(1966)
  • හුණු වටයේ කථාව -පරිවර්තන (1967)
  • අපට පුතේ මගක් නැතේ -ස්වත්‍රන්ත්‍ර(1968)
  • දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)
  • මකරා - පරිවර්තන(1973)
  • සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්‍රන්ත්‍ර (1975)
  • සිරිසඟ‍බෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟ‍බෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )
  • ජයතු ලංකා - 1983
1956 එදිරිවීර සරත්චන්ද්‍ර මනමේ නිෂ්පාදනය කිරීමත් සමඟ, ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රය තුළ එතෙක් පැවති නාට්‍ය සම්ප්‍රදාය කඩා වැටුනි. මනමේ ආභාශය ලබමින් ශෛලිගත ආකෘතියේ නාට්‍ය නිෂ්පාදනය වන්නට විය. මේ තුළින් නාට්‍ය කලාව මේ යුගයේ අර්බුදයකට පත්ව තිබුණි. නමුත් නිෂ්පාදන ශෛලිය අතින් මනමේ අනුකරණයට නොව ඊට පිටු පෑමට හෙන්රි ජයසේන උත්සාහ ගත්තේය. තමන්ගේ "කුවේණි" නාට්‍යය ශෛලිගත නාට්‍යයක් ලෙස හැඳින්වීමට මැළිවන ඔහු, 1961 නිර්මාණය කළ ' ජනේලය ' නම් නාට්‍යයද ඉහත නාට්‍ය රැල්ලට දුන් කදිම පිළිතුරකි. එම නාට්‍ය නිපදවා ඇත්තේ ශෛලිගත, තාත්වික යන සම්ප්‍රදායේ මනා සංකලනයකිනි. හෙන්රි සිය නාට්‍ය චාරිකාව අරඹන්නේ "මනමාලයෝ", "වැදගත්කම" වැනි පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය තුළිනි. 1959 දී නිර්මාණය කළ "පව්කාරයෝ" ඔහුගේ පළමු ස්වත්‍රන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනයයි. කෙසේ නමුත් හෙන්රි නාට්‍යකරුවෙක් ලෙස ස්ථාපිත වන්නේ කුවේණි නාට්‍යය තුළිනි. එය ප්‍රේක්ෂක විචාරක නොමද ප්‍රසාදයට පාත්‍ර වූ නාට්‍ය නිර්මාණයකි. ස්වත්‍රන්ත්‍ර, අනුවර්තන, පරිවර්තන නිර්මාණ රැසක් කරළියට ගෙන ආ ඔහු, ඒ හැම තැන්හිදීම ස්වකීය අනන්‍යතාවය සනිටුහන් කිරීමට සමත් වීය. ඒ අනුවර්තන හා පරිවර්තන නාට්‍ය කරුණු 2 ක් යටතේ වැදගත්ය.
1.ලොව විවිධ නාට්‍යකරුවන් තම රටවල සිතුම් පැතුම් අනුව නිර්මාණය කළ දැවැන්ත නාට්‍ය අප රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට ගැලපෙන ලෙස ඉදිරිපත් කිරීම.
2. අනුවර්තනයේදී හා පරිවර්තනයේදී සංයමයකින් යුතුව බස හසුරුවමින් මතු කළ දේශීය අනන්‍යතාවය පරිවර්තන හා අනුවර්තන නාට්‍ය නිෂ්පාදනයෙන් සිංහල වේදිකාවට එක් කළ නැවුම් අත්දැකීම් සම්භාරය හා ප්‍රේක්ෂකයාට ලබා දුන් උසස් රසවින්දනය.
මීට දශක තුනකට පෙර ඔහු නිෂ්පාදනය කළ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ "ද චෝක් සර්කල්" (හුණු වටයේ කථාව) මෙරට පරිවර්තන නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ ලෙස පිළිගැනේ. හෙන්රිගේ හුණු වටයේ කථාව පරිපූර්ණ නාට්‍යයක් පමණක් නොව, නාට්‍යකරු‍වෙකු ලෙස හෙන්රි ජයසේන විකාශනයේ කූටප්‍රාප්තිය පමණක් නොව, එය නූතන සිංහල නාට්‍ය කලාවේ විකාශනයේ අතිශය වැදගත්බවක් ද ගෙන ඇත. ඔහු අනුගමනය කළ ශෛලිගත , ස්වභාවික හා මිශ්‍ර රංග රීතිය තුළ ගීතයද සුවිශාල මෙහෙවරක් කළේය. හෙන්රි කවදත් ගීතයට හා සංගීතයට ලොල් කළ නාට්‍යකරුවෙකි. ජනේලය, කුවේණි, තවත් උදෑසනක්, දිරිය මව, අපට පුතේ මගක් නැතේ, සරන සියොත් සේ පුතුනි හඹා යන ආදී නාටය ඊට නිදසුන්ය. ඔහුගේ ගීත ජනේලයේදී හාස‍්‍යය උපදවයි. කුවේණි නාට්‍යයේදී දාර්ශනික විය. තවත් උදෑසනක් හි සෞන්දර්යාත්මක විය. හුණු වටයේ කථාවේ දී නව නඑ රසයෙන් අනූන විය.
  • මේක තමයි කන්තෝරුව - මහ රැජිනගෙ කන්තෝරුව (ජනේලය )
  • නොහඩන් කුමරුනි ඇවිල යසෝ ගිනි...
  • සත් සියක් රත් මල් රැගෙන මම...(කුවේණි)
  • උදෑසනක් තවත් උදාවෙලා ඇවිත්...(තවත් උදෑසනක්)
  • පුත නොබලන් හෙළ ගැඹුරුයි...
  • යුද්දෙට මං ගියා...(හුණු වටය)

ආදී ගීත නොඇසූ ප්‍රේක්ෂකයෙකු සිංහල නාට්‍ය රසිකයන් අතර ‍නොමැති තරම්ය. ගීතරචකයෙකු කවියෙකු ලෙස පමණක් නොව වේදිකාව සිනමාව යන අංශ තුනේම ඔහු දස්කම් පාන ලදී.
හෙන්රි 1959 සිට 1996 දක්වා වසර 39 ක කාලය තුළ චිත්‍රපට 19 ක රඟ පා ඇත. ඔහු රඟ පෑ ගම්පෙරළියේ පියල්ගේ චරිතය ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන චරිතයක් විය. චිත්‍රපටය රූපගත කිරීමට පෙර ඊට පාදක වූ 'ගම්පෙරළිය' 15 වරක් කිය වූ බව (චරිතය අවබෝධ කර ගැනීමට) හෙන්රි පවසයි.
1982 ආරම්භයත් සමඟ රුපවාහිනිය මෙරටට පැමිණී තැන් සිට සිනමා සහ නාට්‍ය ක්ෂේත්‍රයේ කුසලතා දැක්වූ ලාංකීය කලාකරුවෝ ක්‍රමයෙන් රුපවාහිනිය හරහාද ප්‍රේක්ෂකයන් ඇමතූහ. 1983-88 කාලයේ හෙන්රි ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ අතර ඒ කාලය තුළ ඔහුගේ පරිපාලනමය හැකියාව ප්‍රත්‍යක්ෂ කරන්නට වු නිසා ඔහුගේ කලා දායකත්වය අඩු විය.
1990 දශකයේ ඔහු මෙරට ජනතාව අතරට වඩාත්ම පිවිසියේ ඔහුට වඩාත් හුරු පුරුදු නාට්‍ය හා චිත්‍රපට මාධ්‍යයෙන් නොව ටෙලි නාට්‍ය තුළිනි. නෑදෑයෝ, දු දරුවෝ, මානව වාරණ වැනි ජනප්‍රසාදයට පත් වූ මාලා නාටක කීපයක කුශලතා දැක්වීමට හෙන්රි සමත් විය. නාට්‍යකරුවෙකු ලෙස පමණක් නොව සාහිත්‍යධරයෙකු ලෙසද සිය කුසලතාව පළකළ හෙතෙම මිනිසුන් වූ දරුවෝ (1965), ලාසරස් (1999) යන නවකථා දෙකක් පළ කරන ලදී. තම ජීවිත කථාව කරළියක කථාවක්, නිම් නැති කථාවක් 1, 2 ලෙස වෙළුම් තුනකින් 1996 දී පළ කර තිබේ.
සිය දීර්ඝ නාට්‍ය චාරිකාවේ දී අවස්ථා කීපයකදීම ඔහු සම්මාන වලින් පිදුම් ලැබීය. 1963 දී කුවේණි නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රචනය, හොඳම නිළිය, නිෂ්පාදනය, සංගීතය යන අංශ වලින් සම්මාන ලැබීය. 1979 'හඳයා' චිත්‍රපටයේ රංගනයට හොඳම සහය නඑවාට හිමි සරසවි සම්මානයද, හංස විලක්, බැද්දේගම යන චිත්‍රපටවල රංගනය උදෙසා සරසවි සම්මානත් ඔහුට ලැබී ඇත. 1988 වසරේ කලාශූරී සම්මානය ලැබූ ඔහු සුමති ටෙලි සම්මාන උළෙළේ දී ජීවිතයේ එක් වරක් කලාකරුවෙකුට හිමිවන සම්මානය දිනා ඇත.
හෙන්රි ජයසේන නම් නාට්‍යකරුවා පිළිබඳ තිස්ස අබේසේකර මහතා මෙසේ කියයි. ..."සිංහල නාට්‍ය කලාව උදෙසා තම ජීවිතයේ හොඳම කාලය වැය කළ හෙන්රිට හොඳ වැඩක් කළා යැයි හිත පුරාසතුටු විය හැක. මින් පසු එකම නාට්‍යයක්වත් බිහි නොකළත් හෙන්රිගේ නම නාට්‍ය වංශයේ ඉහළින්ම ලියවෙන්නට හුණු වටයේ කථාව පමණක් ප්‍රමාණවත් ය..."
හුණු වටයේම එන පරිදි "දෙයක් වේ නම් එය සුදූස්සාටම අයිති විය යුතු..." යන්න සනාථ කළ පුද්ගලයෙක් ලෙස ඔහු හැඳින්විය හැකිය. හුණු වටයේ කථාවේ අසඩක්, ගම්පෙරළියේ පියල්, මනමේ නාට්‍යයේ මනමේ කුමරු, දු දරුවෝහි සුදු සීයා ලෙස මෙරට රසික මතකයේ නොමැකී රඳමින් හෙන්රි ජයසේන ‍අප අතර සදා සජීවී කලාකරුවෙක් ලෙස රඳනු ඇත.
මෙරට ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියකු වූ හෙන්රි ජයසේන මහතා 2009 නොවැ 12 දහවල් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ දෙවැනි වියේ පසු වූ ජයසේනයන් වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා සිය කලා කෞශල්‍ය විදහා දැක්වු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. ප්‍රවීණ රංගනවේදිනි මානෙල් ජයසේන ප්‍රිය බිරිඳගේ වියෝවෙන් දැඩි ලෙස කම්පාවට පත් ව නිහඬ ජීවිතයක් ගත කළ හෙන්රි ජයසේන මහතා නුගේගොඩ පදිංචිය අතහැර තම එකම පුතුණුවන් වන සුදාරක සහ දරු මුණුපුරන් සමඟ ගල්කිස්සේ කලාපුරයේ පදිංචිව සිටියේ ය.
                                                            හුණු වටයේ කථාව

Friday, 2 May 2014

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ සොඳුරු ආඥාදායකයා



සුගතපාල ද සිල්වා ( 1928 අගෝස්තු 04 – 2002 ඔක්තෝම්බර් 28 ) සුවිශිෂ්ට ශ්‍රී ලාංකීය නාට්‍ය කරුවෙකු හා නවකතාකරුවෙකි.
සුගතපාල ද සිල්වා 1928 අගෝස්තු 04 වන දා ශ්‍රී ලංකාවේ නාවලපිටියේදී උපත ලද්දේ කුඩා වෙළෙන්දෙකුගේ පුතෙක් ලෙසටය. ඔහු එහි සිංහලදෙමළ හාමුස්ලිම් වෙළෙන්දන් අතර හැදී වැඩුණි. ඔහුගේ මෙම මුල් කාලීන ජීවිත අත්දැකීම් ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ හා එසේවේනම් මිනිසුනේ මෙය අසවු නවකතා ලිවීමට මගපාද‍න්නට ඇත.
ද සිල්වා 1960 ගණන් වලදී කොළඹට පැමිණි අතර එම කාලයේදී තිබූ දේශපාලනික හා සංස්කෘතික ව්‍යාපාරවල නිරත වීමට පටන් ගත්තේය. ආදරණීය ආඥාදායකයා ලෙස සුරත්ල් නමකින් හැඳින්වූ ඔහු අපේ කට්ටි ලෙස හැඳින්වූ නාට්‍යය කණ්ඩායමක් තනා ටිනීස් විලියම්ගේ හා පිරැන්ඩෙලෝගේ Cat on a Hot tin roof හා Six Characters in Search of an Author වැනි නාට්‍යය පරිවර්තනය කර රඟ දැක්වීම සිදු කරන ලදී. මෙම නාට්‍යය සමගම ඔහු තට්ටු ගෙවල් හා බෝඩිං කාරයෝ වැනි එම කාලයේ මධ්‍යම පාන්තිකයන්ගේ ආකාරය ග්‍ර​හණය කරගත් නාට්‍යය ද ඉදිරිපත් කරන ලදී ඔහු‍ගේ අනෙකුත් නිර්මාණ අතර එකවල්ලෙ පොල් , හරිම බඩු හයක් , මුතු කුමාරිඇසළ සඳ හා මරාසාද් වේ.
ද සිල්වාගේ හොඳම නාට්‍යය ලෙස බොහෝ දෙනෙක් සලකණු ලබන්නේ දුන්න දුනු ගමුවේ වන අතර එය ශ්‍රී ලංකාවේත් 1971 කැරැල්ල අවසාන වනවාත් සමගම ලියන ලද්දකි. වෙළඳ ගැටුමක් මත පදනම් වුවත් එය තාක්ෂණික ක්‍රම මගින් දේශපාලනය හා කලාව දක්ෂ ලෙස​ එකට මිශ්‍රකර යූ ආරිය විමල් හාවිල්සන් ජයසිරි ගේ සුවිශිෂ්ඨ රංගනය සමග වූ සම්මිශ්‍රණයක් විය.එම දශකය අවසානයේ ඇති වූ දැඩි දේශපාලනික නාට්‍යය කරණයේ ආරම්භකයා වූයේ මොවුන් දෙදෙනාය.
ද සිල්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදකවරයා ලෙස බොහෝ කාලයක් කටයුතු කළ අතර 1960 දශකයේ අග භාගයේදී සතිපතා වන රේඩියෝ නාට්‍යයවල හා කෙටි නාට්‍යය වැඩසටහන්වල ප්‍රධානියා වීය. වර්තමානයේ ඉතා ජනප්‍රිය ලේකකයන්ගේ හා නාට්‍යය කරුවන්ගේ ප්‍රථම නාමකරණ භූමිය වූයේ මෙයයි.
1997 සිට ද සිල්වා ගේ ජීවිතය ඇඳට පමණක් සීමා වූ අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 2002 ඔක්තෝම්බර් 28 වන දින අභාවප්‍රාප්ත විය.

Monday, 21 April 2014

ප්‍රංශයෙන් උපහාර ලබන මාලනී ෆොන්සේකා.....................


‘තිස්ස මහත්තයෝ, මේ ඉන්නේ අපේ වැඩේට හරි යන කෙල්ලයි. ‘ 1967 අවසාන භාගයේ දිනක අකල් වැස්ස නාට්‍ය නැරඹූ  ජෝ අබේවික්‍රම මහතා විසින් පුංචි බබා සිනමා පටය නිපැයූ තිස්ස ලියනසුරිය මහතාට එසේ කිවේලූ. එදා  දුටු ඒ තරුණ කෙල්ල පුංචි බබා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයකට පණ පෙවීමට තෝරා ගත්තේය.






අකල් වැස්ස වේදිකා නාට්‍යයේ හොඳම නිළිය ලෙස තේරී පත්වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නිළිය ප්‍රථම වරට රඟපෑවේ පුංචි බබා චිත්‍රපටයේය.

                                                       සුගතදාස මාරසිංහ මහතා නිශ්පාදකයාය. තිස්ස ලියනසූරිය මහතාගේ නිර්මාණයකි.ජෝ අබේවික්‍රම , මාලනී ෆොන්සේකා හා අනුලා කරුනාතිලක ප්‍රධාන චරිත වලට පණ පෙවුහ. පුංචි බබා 1968 පෙබරවාරි 26 වැනිදා  ශ්‍රී ලංකා රිදී තීරයේ තිරගත වුයේය. වර්තමාන › ලංකාවේ සිනමා අග රැඡින විරුදාවලියෙන් සැලකුම් ලබන පනස් වසරක වේදිකාව හා සිනමා දිවියක මග ගෙවූ මාලනී ෆොන්සේකා රිදී තීරයට පිවිසියේ එසේය.
එදා සිට අද දක්වා දෙස් විදෙස් සිනමා කෘති 150ක පමණ ප්‍රධාන චරිත රඟපා පසු කාලීනව අධ්‍යක්ෂකවරියක, නිශ්පාදකවරියක ලෙස  ලංකා සිනමා ක්ෂේත්‍රයට ඇය කළ දායකත්වය කිසි විටෙකත් මිල කළ නොහැකිය. එදා ආරම්භ කළ සිනමා දිවියේ මේ දක්වා ඇගේ රඟපෑම් දුටු සිනමා ලෝලියෝ සතුටු කඳූළු සැළුවෝය. සමහරෙක් ඇඩුවෝය.  සමහරු දුක් වූවෝය. සමහරු පුදුම වූවෝය.


නිධානය,  වැලිකතර,  එයා දැන් ලොකු ළමයෙක්,  බඹරු ඇවිත්,  ආකාස කුසුම්, ස්ත්‍රී , යන සිනමා කෘතිවල ඇගේ ප්‍රතිභාපූර්ණ රඟපෑම් වලින් ඔපවත් කර ඇත්තේය. ඇගේ රඟපෑම් ඒ තරමටම උසස්ය . විශිෂ්ටය . එම දක්ෂතාවයන්ට ඇය ලැබූ සම්මාන ගොන්නෙන් ඇගේ විසිත්ත කාමරය පිරී ඉතිරී ඇත්තේය.
සරසවි සම්මාන. කලා ශ්‍රී සම්මාන, විශ්ව ප්‍රසාදනී සම්මාන,  රිදී මොනරා සම්මානය ආදි සම්මාන රැසක් හිමි කරගත් ඇය 2012 දි හා 2013 දි අනුපිළිවෙළින් ඉන්දියාවේ ජාත්‍යයන්තර සිනමා උළෙලෙ හා ඔස්ට්‍රේලියාවේ ආසියා පැසිපික් ජාත්‍යයන්තර සිනමා උළෙලේ විශේෂ ජූරියේ සමාඡිකාවක ලෙසද  ඇය කටයුතු කළාය




 පසුගිය මාර්තු 05 වැනිදා ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ ධෝවිල් 16 වැනි අන්තර් ජාතික ආසියා සිනමා උළෙලෙ ආරම්භ වුයේ ඇයගේ පනස් වසරක කලා දිවියට විශේෂ උපහාරයක් පුදමිනි.
මින් පෙර මෙම උළෙලේ උපහාර ලැබූවන් අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් අයත් වෙති. එය 2001 දී සිදුවුයේය.මෙවර උළෙල සදහා ඉරානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, දකුණු කොරියාව, චීනය, කසකස්ථානයේ සිනමා කෘති ඉදිරිපත් කර තිබුණේය.
 උළෙල ආරම්භ කරමින් ධෝවිල් නගරයේ නගර සභාපති පිලිප් ඔඡියේ හා සිනමා උළෙලේ සභාපති ලයනල් ෂූසොන් දේශන පැවැත්වුහ. එහිදී සිනමා නිළි මාලනී පොන්සේකා විශේෂ ඇගයීමකට ලක් විය.
අත් පොලසන් හඩ මැද්දේ වේදිකාවට පැමිණි මාලනී පොන්සේකා මහත්මිය තම ආදරය මෑණියන් හා ඇගේ කලා දිවියට අත දුන් සියළුදෙනා සිහිපත් කරමින් විශේෂ දේශනයක් කළේය.
 අනතුරුව ඇයට උපහාර දක්වමින්  තිලිණි ප්‍රදානය සිදු විය. ඒ වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය, ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත්, හා ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම් යන චිත්‍රපටි උළෙල පවත්වන දින පහ ඇතුළත තිරගත වන්නේය. උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ප්‍රංශයේ  ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත හා ඔහුගේ බිරිය සහාභාගි වුහ.

Sunday, 20 April 2014

ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ ස්වර්ණමය සලකුණ


                   

එදිරිවීර සරත්චන්ද්‍ර

                                           

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර (1914 ජුනි 3 – 1996 අගෝස්තු 6) මහතා ශ්‍රී ලංකික නාට්‍ය රචකයෙක් නවකතා කරුවෙක්, කවියෙක් සාහිත්‍ය විචාරකයෙක් නිබන්ධකයෙක් මෙන්ම සමාජ විචාරකයෙක් ද විය. නිගමනය කරගත් කරුණු අනුව ප්‍රධාන නාට්‍ය රචකයෙකු වු මොහු අවුරුදු ගණනාවක් තිස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය කළ අතර ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති (1974 – 1977) ලෙස ද සේවය කරනු ලැබී ය. ඔහුගේ ප්‍රථම නාට්‍ය වන මනමේ නාට්‍ය සාමාන්‍ය නිගමනය කරගත් කරුණු අනුව ප්‍රථම සැබෑ සිංහල නාට්‍යයක් වන අතර එය නාඩගම් හා ජන නාට්‍ය නූතන රැගුම් සම්බන්ධ නාට්‍ය ආකෘතියට සංක්‍රමණය වීමේ සංඥා නිකුත් කරනු ලැබීය. ඔහුගේ නාට්‍යවලින් බොහෝමයක් බෞද්ධ ජනකතා හා සිංහල ජනප්‍රාවාදයන්හි අනුවාදයන් වීම ඔහුගේ කාර්යයට ක්ෂණික හා ස්ථිර සාර ජන ප්‍රසාදයක් ඔහුගේ මූලයේ හදුනාගත් ජනතාව ලබා දුන්හ.

                                            සරත්චන්ද්‍ර මහතා 1914 ජුනි 03 උපත ලැබීය. ඔහු තම මුල් අධ්‍යාපනය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පානදුරේ ශාන්ත ජෝන් විදුහලින්, ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලින් සහ ගාල්ලේ ඇලෝසියස් විදුහලෙන් සම්පුර්ණ කරන ලදී. සරත් චන්ද්‍රයන්ගේ සංස්කෘත පාලි සිංහල වැනි විෂයන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයනය කළ අතර ඔහු 1936 දී ගෞරව උපාධිය හිමිකර ගති. සරත්‍චන්ද්‍රයන් වැල්ලවත්තේ ශාන්ත පිතර විදුහලෙන් ගුරුවරයෙකු වශයෙන් තම වෘත්තිය ආරම්භ කරනු ලැබීය. ඉන් පසුව ඔහු ලේක් හවුස් ප්‍රකාශන සමාගමේ පාලන තරනතුරට සම්බන්ධ වුහ. 1939 සරත් චන්ද්‍ර මහතා ඇලීන් බෙලෙක්සමග විවාහ විය. පසුව ඔහු ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදැරීම සදහා ශාන්ති නිකේතනයට සංචාරය කරනු ලැබීය. සරත් චන්ද්‍රයන් 1940 දී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුගේ ගල්කිස්සේ ගුරු වෘත්තිය ශාන්ත තෝමස් විද්‍යාලයේ දී නැවත ආරම්භ කරනු ලැබීය. සිංහල ශබ්ද කෝෂයේ උපකර්තෘ තනතුර දරමින් සිටින අතරතුර ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර සිසුවෙකු ලෙස ඔහුගේ ඉන්දියානු දර්ශනය පිළිබද ප්‍රධාන උපාධිය සදහා කටයුතු කරමින් සිටියහ. සරත්චන්ද්‍ර මහතා නැවතත් 1974 සිට 49 දක්වා විශ්ව විද්‍යාල කොලේජියේ පාලි උගන්වන කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලැබීය. ඔහුට 1949 අපරදිග දර්ශනය පිළිබද පශ්චාත් ගෞරව උපාධියක් අධ්‍යයනය කිරීම සදහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට හැකි විය.
සරත්චන්ද්‍රයන් විසින් 1956 නිෂ්පාදනය කළ ඔහුගේ ප්‍රථම නාට්‍ය වන හැම අතම පැතිරුණු ගෞරවයෙන් පිළිගනු ලැබූවක් විය. විශේෂයෙන් එය ඉතා ඉහළින් වර්ණනා කරනු ලැබුවේ සාම්ප්‍රදායික නාඩගම් සම්ප්‍රදාය එහි තිබුණු බැවිනි. ඔහු නාට්‍ය රචකයෙකු වශයෙන් දිගටම කටයුතු කළ අතර ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු සිංහ බාහු නාට්‍ය ඔහුගේ හොදම නිර්මාණය ‍ලෙස පුළුල්ව සලකා බැලීමට ද ලක්විය
යාපනය විශ්වවිද්‍යාලය හා පේරා‍දෙණිය විශ්වවිද්‍යාලය විසින් 1982 දී සරත්චන්ද්‍රයන්ට සාහිත්‍ය පිළිබද ආචාර්යය උපාධියක් පිරිනැමිණි. එම වසරේ දී ම ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්යයවරයෙකු විය. 1983 දී දකුණු ඉන්දයාවේ කේරළ ප්‍රාන්තය විසින් සරත්චන්ද්‍රයන්හට කුමරන් ඒශියන් ත්‍යාගය ප්‍රධානය කෙරිණි. 1988 දී වු සාහිත්‍ය සදහා රේමන් මැක්සෙස්හේ ත්‍යාගය දිනා ගනු ලැබුවේ ය.
                             මනමේ නාටකයේ ජවනිකාවක් 
                                       සිංහබාහු නාටකයෙන් 
අන්තර්ජාලය ඇසුරෙන්....................................................