ලූෂන් බුලත්සිංහල ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කවියෙකු, රංගන ශිල්පියෙකු, රචකයෙකු සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු වෙයි. 1981 වසරේදී ඔහු විසින් රචනා කල තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය කා අතරත් අවධානයට සහ ඇගයීමට ලක්විය. ඔහු ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ වැඩසටහන් සම්පාදනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයක් හෙබැවූවෙක්ද වෙයි
මුල් අවධිය
ලූෂන් බුලත්සිංහල මහතා 1943 මැයි 30 වන දින,
රත්මලානේදී උපත ලැබුවේය. සිය මුලික අධ්‍යාපන කටයුතු රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙනුත්, උසස් පෙළ කටයුතු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙනුත් හැදෑරූ බුලත්සිංහල මහතා, පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයන් ශාස්ත්‍රවේදී උපාධියක්ද හිමි කර ගත්තේය.
රඟබිමට පිවිසීම
1960 දී, එල්. එල්. කේ. ගුණතුංග විසින් අධ්‍යක්ෂණය කළ අශෝක මාලා නාට්‍යයේ සාලියගේ චරිතයට පණ පොවමින්, ලූෂන් මහතා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූවේය.
නිර්මාණ
තාරාවෝ ඉගිලෙති
රතුහැට්ටකාරී
සිංහල ගීත
| ගීතය |
| රජ මැදුරක ඉපදී සිටියානම් |
| දම් පාටින් ලා සඳ |
| සිරියහනේ ලණු ඉහිරී |
| ආන් නගේ සල් අත්තේ පාංකිරිත්තා |
| ඔසරි පොටෙන් අදින්නෙපා |
| කොලොම්තොට නැත මහලු වී |
| කන්‍යාවී |
| දෙතොල නොකී දේ |
පුංචි තිරයේදී
| වසර | ටෙලි නාට්‍යය |
| නටු නැති මල් |
| 1987 | තාරා දේවි (අධ්‍යක්ෂණය) |
රිදී තිරයේ රංගනයන්
| වසර | චිත්‍රපටය[2] |
| 2014 | හෝ ගාන පොකුණ (විදුහල්පති ලෙස)[3] |
| 2008 | අබා (අභය ලෙස) |
| 1984 | කිරි කවඩි |
| 1982 | සිටු දියණිය |
| 1981 | ආරාධනා |
| 1980 | හංස විලක් |
| 1980 | දඬු මොණරා |
| 1979 | චූඩා මාණික්‍යය |
| 1979 | හත් දින්නත් තරු |
| 1970 | වෙස් ගත්තෝ |
| 1967 | සැඩොල් කඳුළු |
වේදිකා නාට්‍ය
| වසර | නාට්‍යය |
| 1981 | තාරාවෝ ඉගිලෙති |
| 1974 | රතුහැට්ටකාරී (එම වසරේ හොඳම නාට්‍යය) |
| 1966 | නොනිවෙන ගිනි |
| 1961 | මන්නඩියා |
ග්‍රන්ථ
| වසර | ග්‍රන්ථය |
| 1985 | පිපුණ මලේ රුව |
| 2000 | ඛේමදාස න්‍යාය භාවිතය සහ අරගලය |
| 2004 | සිහින ඔපෙරා දෙකක් |
| 2004 | තාරාවෝ ඉගිලෙති (නාට්‍යය)
|
No comments:
Post a Comment